English
(+94) 114 690 200

ලෝකය තවත් එක් සිහිනයක ගිල්වන 'සංවර්ධන න්‍යාය පත්‍රය' - මලින්ද මීගොඩ විසිනි

වර්ධන-කේන්ද්‍රීය සංවර්ධන රාමුවෙන් ඔබ්බට ගමන් කළයුතු තිරසාර සංවර්ධන ඉලක්කයන්හි යථාර්ථය පිළිබඳව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය ගෙනෙන විශ්ලේෂණයකි

සටහන: මලින්ද මීගොඩ

එක්සත් ජාතින්ගේ සංවිධානය සහස‍්‍රක සංවර්ධන අභිමතාර්ථයන්ගේ ඊළඟ පියවර ලෙස තිරසාර සංවර්ධන ඉලක්කයන් ඉදිරිපත් කර පුරා වසර දෙකක් ගතවී ගොස් ඇත. හේතු ගණනාවක එකතුවෙන් මෙම ප‍්‍රකාශනය වි ාරකයන් හා එහි පර්ශවකරුවන්ගේ විවාදයට සහ විවෙ නයට තුඩු දුන් කාරණයක් බවට පත්විය.

දෘෂ්ටිවාදි පරාසය තුළ, ආර්ථික සහ සංවර්ධනය වටා වන ආධිපත්‍යධාරි සාක ්ඡාවන් මගින් තිරසාර සංවර්ධන ඉලක්ක යනු නිදහස් වෙළඳපොළ ප‍්‍රවාහයට හුරේ දමන්නන්ගේ අභිප‍්‍රායන් ඉටු කරන දිගුවක් ලෙස විවේ ්නයට ලක් කරයි. ‘ද ඉකොනොමිට්ස්’ සඟරාව මගින් තිරසාර සංවර්ධන ඉලක්ක ප‍්‍රායෝගික නොවන බව සඳහන් කර ඇත. එමෙන්ම, ජාත්‍යන්තර සංවර්ධන වැඩසටහන් සඳහා ආධාර ලබාදෙන බිල් ඇන්ඞ් මිලින්ද ගේට් පදනම වැනි සංවිධාන විසින් මෙම ඉලක්ක යථාර්ථවාදී නොවන්නේ යැයි අවඥාවෙන් බැහැර කරනු ලබයි. කෙසේනමුත්, මෙම තර්කයන් දෙපස බොහෝමයක් දේ පවතින අතර ප‍්‍රධාන වශයෙන් අඛණ්ඩ වර්ධන මූලධර්ම වටා කැරකෙන සහස‍්‍රක සංවර්ධන ඉලක්ක සහ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට හැකිවේද යන ගැටලුව සාක ්ඡාවවට ලක්කිරීමේ අවශ්‍යතාවය පැනනැගෙනු ලබයි.

සහස‍්‍රක සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීමට අපේක්‍ෂිතව පැවති කාලය වන විට මෙම සංවර්ධන ඉලක්කයන් හේතුවෙන් ගෝලීය වශයෙන් දුප්පත්කම අඩුවූ බවත් ලෝකය පෙර පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් වෙත පැමිණි ඇති බවත් කියමින් උදම් අනන්නට වූ නමුත් පැහැදිලිවම එවැනි තත්ත්වයක් දැකගත හැකිවූවාදැයි ගැටලුවකි. ීනයේ සහ තෝරාගත් නැගෙනහිර ආසියානු රටවල් කිහිපයක සිදුවූ ආර්ථික වෙනස්කම් හේතුවෙන් දරිද්‍රතා අනුපාතයේ අඩුවීමක් දැකගත හැකිවිය. ඔවුන් ඒ සඳහා අනුගමනය කරනු ලැබුවේ, ස්වාධීන සංවර්ධන ප‍්‍රතිපත්තයක් විනා විනාශකාරී ව්‍යුුහාත්මක ගැලපුම් ප‍්‍රතිපත්ති නොවේ. එබැවින්, නිරපේක්‍ෂ දරිද්‍රතා මට්ටම පහල යාම අවම කරගැනීමට සහස‍්‍රක සංවර්ධන ඉලක්කයන් ආරෝපණය කිරීම සැබවින්ම, මුලාවක් යැයි තෝමස් පොග් සහ ජේසන් හික්ල් වැනි විද්යාර්ථීන් කිහිපදෙනෙකු විසින් අවධාරණය කරනු ලැබීය.

මෙම න්‍යාය පත‍්‍රය සකසනු ලැබූවන්ගේ ඉලක්කය වන්නේ 2030 වන විට ගෝලීය දුප්පත්කම තුරන් කිරීම වන අතර ගෝලීය ආදායම් අසමානතාවය, සුරක්‍ෂිත රැකියාවක් සඳහා ප‍්‍රවේශය සහ හදීසි පාරිසරික ක‍්‍රියාකාරීත්වය මත සිදුවන දේශගුණික විපර්යාසයන්, ස්වාභාවික සම්පත් වැනි සංකල්පයන්ට මෙම සැලැසුම මගින් ආමන්ත‍්‍රණය කිරීමට උත්සහ කරනු ලැබ ඇත.

නමුත්, මෙම තිරසාර සංවර්ධන ඉලක්ක වැඩසටහන මගින් ඉලක්කගත කෙරෙන, ඌන සංවර්ධිත රටවල වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය සියයට 7ක් වෙත ගෙනයාම එවැනි ප‍්‍රශංසනීය අභිලාෂයන් සමග පරස්පරතාවයක් ඇති කරනු ලබයි. පාරිසරික අවක‍්‍රමණයෙන් වෙන්වූ වර්ධනයක් පිළිබඳව කියැවෙන අතරතුර ප‍්‍රගතිශීලී නිර්ණායකයන් වෙනුවට සමස්ත වර්ධනය සහ යෝග්‍ය රැකියාවන් වැනි විශේෂණයන් යොදා, සාම්ප‍්‍රදායයික අභිප‍්‍රායයන් වර්ධනය කිරීමේ මුහුණුවරක් ගන්නා 8වන ඉලක්කය මෙම පරස්පරතාවය මැනවින් විදහා පායි.

තිරසාර සංවර්ධන ඉලක්කයන් මගින් ආදායම් විෂමතාවය අවමකිරීමක් පිළිබඳව කියැවෙන අතර පවතින පැරඩයිමය තුළ එය ඉටුකරගත හැකිවේ යැයි සිතිය හැකි නමුත් ගෝලීය ආර්ථිකය තුළ ධනය නැවත බෙදාහැරීමට හැකිවේද යන්න ගැටලුවකි. එනම්, සෑම ඩොලරයකින්ම ශත 93ක් රැඳී පවතින්නේ සියයට එකක් වන පෙහොසත් මිනිසුන්ගේ දැත්වල බැවිණි.

ගිනි සංගුණකය වැනි ආර්ථික දර්ශකයන් මගින් අනාවරණය කරගතහැකි පරිදි, ශී‍්‍ර ලංකාවේ ආදායම් විෂමතාවය පසුගිය වසර ගණනාවෙහිම එකතැන පල්වෙන නැතහොත් වඩාත් අයහපත් තත්ත්වයක පැවතිණ. එමෙන්ම, සමු ් කරණ කි‍්‍රයාවලිය නොසළකා හරින්නේ නම් අසමානතාවයට ආමන්ත‍්‍රණය කිරිමේ ඉල්ලීම අර්ථවිරහිත තත්ත්වයට පත්වන්නේ විශේෂයෙන්ම අහිමිකිරීම් මගින් සිදුකර ඇති ගෝලීය දරිද්‍රතාවයට එහි වන සබඳතාවය ප‍්‍රතිලෝම වන බැවිණි.

තිරසාර සංවර්ධන අභිමතාර්ථ විසින් නියම කර ඇති වර්ධන අනුපාතයන් භාවිතයෙන් දුප්පත්කම ජයගැනීමට අපට හැකිවුවත් ස්වයං-විනාශකාරි පරිභෝජන රටාවන් හා නිෂ්පාදන රටාවන් වැනි දේ පවත්වාගැනීමට නම්, අපට තවත් පෘථිවිය වැනි ග‍්‍රහලෝක විශාල ප‍්‍රමාණයක් (3.4 ගෝලීය පියසටහන් ජාලය විසින් ගණනය කරනු ලබන) අවශ්‍ය වනු ඇත. ඌන සංවර්ධිත රටවල්වල පවතින බොහෝමයක් ගැටලුවල මූල බීජයන්ට ආමන්ත‍්‍රණය නොකර මූල්‍යමය පියවර මාලාවක් මගින් ව්‍යුහාත්මක පරිවර්තනයක් එම රටවල්හි ආර්ථිකයන් තුළ නිර්මාණය කිරීම තිරසාර සංවර්ධන ඉලක්කයන්ගෙන් අරමුණු කරන අතර එය වඩාත් පැටලිලි සහගතයි. එනම්, පැහැර හරින ලද බදු, ණය සේවා සහ හානිකර ආහාර වෙළඳභාණ්ඩ සමපේක්‍ෂණය ආදි දේ පිළිබඳ අවධානය යොමුකිරීම වෙනුවට ආයෝජන සහ දේශීය ව්‍යවහාර මුදල් ණයවලට බලපෑම් කරන හරිත ණය වැනි මූල්‍යමය උපකරණයන් ප‍්‍රවර්ධනය කරන තීරණය, ගෝලීයව උතුරේ සහ දකුණේ රටවලට වින කරන ප‍්‍රශ්නවල එක් කොටසකට ආමන්ත‍්‍රණය කිරිමක් පමණි.

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑම් කරන ලද, 2008දී සිදුවූ ගෝලීය ආර්ථික අර්බුදය හා ඉන්පසුව සිදුවූ ආහාර අර්බුදයන්හීදී මූල්‍යමය අංශයට දැඩි බලපෑමක් සිදුවූ අතර එය මූල්‍ය අංශයේ අඛණ්ඩ වැඩිදියුණු කිරීමක් සිදුකරාවී යැයි සිතිය හැකිය. එනමුත් වර්ධන-කේන්ද්‍රීය සංවර්ධනයම පමණක් අභිලාෂය කරනොගෙන ඉන් ඔබ්බට ගොස් පියවර ගැනීමට රටවල් කටයුතු නොකරන්නේ නම්, ගෝලීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කරගැනීමට ගෙනෙන ලද තිරසාර සංවර්ධන ඉලක්ක යනු තවත් අහිමිව යන අවස්ථාවක්ම පමණි.

පරිවර්තනය: ධනංජි සමරකා්න්