+ 94 11 2504010
info@cepa.lk

ප්‍රචණ්ඩත්වයේ දේශපාලන ආර්ථිකය (The Political Economy of Violence. Women’s Economic Relations in Post-War Sri Lanka )

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ ආර්ථික සම්බන්ධතා

ප්‍රශාන්ති ජයසේකර සහ නාදියා නජාබ්
Year of Publication: 2016
Page Numbers: 36
Categories: Research

Description

ශ‍්‍රී ලංකාවේ දිග් ගැසුණු සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ අවසන් වීමෙන් පසුව යුද්ධයෙන් පීඩාවට පත් රටේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල කාන්තාවන්ට එරෙහිි කායික හා ලිංගික ප‍්‍රචණ්ඩත්වය සැලකිය යුතු මට්ටමකින් ජාතික හා ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වී ඇත. මෙම අධ්‍යයනය කායික ප‍්‍රචණ්ඩත්වයේ මෙම ස්වරූපවලින් ඔබ්බට යමින් දේශපාලනික හා ආර්ථික සම්බන්ධතා හා ක‍්‍රියාවලි කරණ කොට ගෙන බිහි වී නොනැසී පවතින ව්‍යූහාත්මක ප‍්‍රචණ්ඩත්වය ද එම සම්බන්ධතා හා ක‍්‍රියාවලි ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවීය, කුල හා පන්ති පීඩනය සමග එක්ව න ආකාරයද පැහැදිලි කිරීමට උත්සාහ කරයි. මෙම අධ්‍යයනයේ ප‍්‍රධාන තර්කය වන්නේ කාන්තාවන් අත්දකින ප‍්‍රචණ්ඩත්වය දේශපාලනික හා ආර්ථික ව්‍යූහයන්ට සම්බන්ධිතව ද අවබෝධ කර ගත යුතු බවත් ප‍්‍රචණ්ඩත්වයේ සලකුණ කාන්තාවන්ගේ ශරීරවල පමණක් නොව ඔවුන්ගේ ශ‍්‍රමයෙහි ද තිබෙන බවත් ය. යාපනයේ පිහිටි වෙට්ටිකාඩු* නම් ධීවර ගම්මානයේ බීඩි ඔතන්නන් පිළිබඳව කරන ලද සිද්ධි අධ්‍යයනයක් හරහා මෙම පත‍්‍රිකාව ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවීය, කුල හා පන්ති පීඩනය මෙන් ම දේශපාලනික හා ආර්ථික සම්බන්ධතා ද යන දෙයාකාරයෙන්ම දීර්ඝ කාලීන ප‍්‍රචණ්ඩත්වය තහවුරු වී නොනැසී පවතින සැටි පැහැදිලි කරයි.

This is a translation of the study ‘​The Political Economy of Violence​: ​Women’s Economic Relations in Post-War Sri Lanka. By Prashanthi Jayasekara and Nadhiya Najab carried out under the Secure Livelihoods Research​ Consortium. The English version is available for download: https://securelivelihoods.org/

Share now