+ 94 11 2504010
info@cepa.lk

සරසවි කුරුටු ගී ග්‍රන්ථය එළි දැක්වීම (Launch of the Sarasawi Kurutu Gee publication)

14 Sep 2016 by Centre for Poverty Analysis (CEPA)

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉතා ජනප්‍රිය අංගයක් වන සරසවි කුරුටු ගී පිළිබඳව සාහිත්‍යමය සහ සමාජ විද්‍යාත්මක විචාරයක් මෙම කෘතිය ඇසුරේ දක්නට ලැබෙයි. විශේෂයෙන් ම සරසවි ජීවිතයේදී සිසුන්ට එදිනෙදා ජිවිතයේ මුහුණ දීමට සිදුවන නේක විධ වූ දුක් දොම්නස් ගැහැට නිර්මාණාත්මකව ප්‍රකාශ කර තිබෙන ආකාරයත් ඒවා ඇසුරේ ප්‍රකට වන සමාජ ආර්ථික හා දේශපාලනික යතාර්තයත් මේ තුලින් විචාරයට ලක්කර තිබේ. සරසවි කුරුටු ගී ඇසුරින් දරිද්‍රතාවය ඉස්මතු කරන අයුරු හඳුනා ගැනීමට මෙම කෘතිය තුලින් උත්සහ කරන අතර ඊට අමතර සමාජමය කරුණු ද විග්‍රහයට බඳුන් කෙරෙයි. මෙම කෘතිය මගින් ලංකාවේ දැනට පවතින විශ්වවිද්‍යාල 15කට ආසන්න ප්‍රමාණයක රචනා වී තිබෙන සරසවි කුරුටු ගී විමර්ශනයට ලක් වේ. නන්දන අජිත්, ප්‍රභාත් ජයසිංහ, ඒ.එම්. අබේරත්න සහ ඩබ්ලිව්. ඒ අබේසිංහ යන අය විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබෙන අතර මෙය දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ප්‍රකාශනයකි.